මහ දවාලේ පාවහන් වෙළෙඳසැලක් ගිනි ගනී - වාහන ධාවනයටත් බාධා

මහ දවාලේ පාවහන් වෙළෙඳසැලක් ගිනි ගනී - වාහන ධාවනයටත් බාධා

July 18, 2025   02:42 pm

හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළෙඳසැලක අද (18) පස්වරු 1ට පමණ ගින්නක් හට ගෙන තිබේ.

මෙම ගින්න හට ගන්නා අවස්ථාව වන විට අදාළ වෙළෙඳසැල වසා තිබී ඇති අතර ඒ හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

ගින්න පාලනය කිරිම සඳහා හැටන් දික්ඔය නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරින් පියවර ගෙන තිබේ.

මෙම ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව හැටන් පොලීසිය පැවසුවේය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් හැටන් පැති වීදියේ වාහන ධාවන කටයුතු තාවකාලිකව නතර කිරිමට හැටන් පොලීසිය පියවර ගෙන ඇත.