ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යය 30වනදා සිට
July 17, 2025 07:04 am
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25 වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.
ජුලි මස 30 වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මේ අතර, පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.