2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්
July 15, 2025 10:09 pm
30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
මෙවර සම්මාන උලෙළේදී ඇගයීමට ලක් කරනු ලබන්නේ 2024 වර්ෂයේ ජනවාරි මස 01 වනදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ප්රවෘත්ති හා කාලීන සිදුවීම්, රූපවාහිනී වැඩසටහන් හා ටෙලිනාට්‍ය යනාදියයි.
ඒ අනුව වසරේ හොඳම රූපවාහිනී ප්රවෘත්තී නිවේදකයා ලෙස අද දෙරණ වෙනුවෙන් භානුක කරුණාරත්න සම්මාන දිනා ගත්තේය.
එසේම 2024 වසරේ කාලීන ප්රවෘත්ති වාර්තාකරණය ලෙස අද දෙරණ විකාශය කළ යකඩයාට පණදුන් කැලෑ වැද්දා වෙනුවෙන් නදුන් අබේරත්න සම්මානයට පාත්රවිය.
වසරේ හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස සම්මාන හිමිවූයේ රංජීවනී බැද්දේවිතාන නිෂ්පාදනය කළ මිස්සක පව්ව වැඩසටහනය.
මීට අමතරව ඩිජිටල් මාධ්‍ය අංශයේ හොඳම අධ්‍යාපනික වැඩසටහන ජීවිතයට විද්‍යාව වැඩසටහන වෙනුවෙන් කේ.සී.සාරංග සම්මානයෙන් පිදුම් ලැබීය.
ඩිජිටල් මාධ්‍ය අංශයේ හොඳම කාලීන වැඩසටහන ලෙස ADA DERANA EDUCATION වෙනුවෙන් සාම්ප්‍රදායික රටාවෙන් මිදී රජරට සරසවියෙන් කළ සර්කෝනියම් පර්යේෂණය සහ විද්‍යාත්මක දායකත්වය පිළිබඳ වැඩසටහන වෙනුවෙන් දයාන් පතිරණ සම්මාන දිනාගත්තේය.