සයුරෙන් එතෙර
ආරක්ෂාව වෙනුවෙන් තායිවානය මිසයිල පද්ධතියක් සූදානම් කරයි
July 15, 2025 05:38 pm
තායිවාන හමුදාව මේ දිනවල සිය විශාලතම යුද අභ්‍යාසය සඳහා එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා ඔවුන් ප්‍රථම වරට දේශීයව සංවර්ධනය කරන ලද මිසයිල පද්ධතියක් ද යොදාගෙන ඇති බව වාර්තා වෙයි.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව එරට ත්‍රිවිධ හමුදාව විසින් චීන හමුදාවෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට සූදානමක් වශයෙන් කලාප කිහිපයක් හරහා ආරක්ෂක අභ්‍යාස මාලාවක් පවත්වයි.