ජඩේජාගේ මහන්සිය අපතේ යයි - එංගලන්තයට තියුණු ජයක්

ජඩේජාගේ මහන්සිය අපතේ යයි - එංගලන්තයට තියුණු ජයක්

July 14, 2025   10:09 pm

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්තය කණ්ඩායම අද (14) සමත් විය.

තුන්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය අද අරඹන විට ලකුණු 193ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 54ක් ලබා සිටියේය.

අද දිනයේද ඉන්දීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් තවත් කඩුලු 5ක් ලකුණු 105ක් තුළ දවා ගත්තේය.

වොෂින්ටන් සුන්දර් ලකුණු නොලබා දැවී ගිය අතර නිතිෂ් කුමාර් ලකුණු 13කටත්, ජස්ප්‍රිත් බුම්රා ලකුණු 5කටත් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම පරාජයක් අභියසට ඇද දමමිනි.

කෙසේ වෙතත් හුදෙකලා සටනක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළේ ඉන්දීය පිලට ජයග්‍රහණයේ බලාපරෛාත්තුවක් එක් කරමින්ය.

තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 30ක් අවශ්‍යව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලක් පමණි.

තේ පානයෙන් පසු අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ් දැවී යාමත් සමග එංගලන්ත පිල මෙම තරගය ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කළේය.

හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 61ක් රැස් කළ අතර ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය රැගෙන යාමට දැඩි උත්සහයක නිරත වුණි.

මෙම ජයත් සමග එංගලන්තය තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ 2ට 1ක් ලෙස පෙරමුණ  හිමි කර ගත්තේය.