අතිකාල වර්ජනයකට තැපෑල සැරසෙයි

අතිකාල වර්ජනයකට තැපෑල සැරසෙයි

July 14, 2025   08:10 pm

දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 

එම පෙරමුණ සඳහන් කරන්නේ, හෙට (15) මධ්‍යම රාත්‍රි 12 සිට මෙම අතිකාල වර්ජන ක්‍රියාමාර්ගය  දියත් කරන බවය

ඒ, 2016 වසරේ සිට බඳවා ගැනීම් ක්‍රමවත්ව සිදුවී නොමැති බව පවසමින්ය.