සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,800 සීමාව ඉක්මවයි
July 14, 2025 07:10 pm
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 297.13ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක 18,838.39 ක් ලෙස සටහන් විය.
සියලු කොටස් මිල දර්ශකයේ මෙම වර්ධනයට සමාගම් 132ක් හේතු වී තිබුණි.
මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 167.15 කින් ඉහළ ගොස් ඒකක 5,653.65ක් ලෙසින් සටහන් විය.
අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9.49ක් ලෙසින් වාර්තා විය.