මීරිගම වෙඩිතැබීමක්

මීරිගම වෙඩිතැබීමක්

July 14, 2025   06:18 pm

Update - 6:39pm

මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

==================================

මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට බරපතළ තුවාල ලබා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.