දකුණුදිග සිරියාවේ ගැටුම්වලින් 30ක් මරුට
July 14, 2025 06:00 pm
දකුණුදිග සිරියාවේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ.
ස්වෙයිඩා නගරයේ ගෝත්‍රක හා ආගමික කණ්ඩායම් අතර හටගත් එම ගැටුම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ්‍ය පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ සිරියාවේ අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු විවිධ සුළුතර කණ්ඩායම් අතර ගැටුම් වර්ධනය වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
වත්මන් පාලනය විසින් පවතින තත්ත්වය සමනය කර ගැනීමට උත්සහ දැරුව ද එය මෙතෙක් සාර්ථක වී නොමැති බව ද විදෙස් විචාරකයින් පවසයි.