න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචන වැඩසටහන ඇරඹෙයි

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචන වැඩසටහන ඇරඹෙයි

July 14, 2025   04:09 pm

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් අද දින (14) ආරම්භ වූ වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙනු ඇත.

මෙහිදී ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා අද ඇරඹුණු මෙම සමාලෝචන වැඩසටහන ඉතා වැදගත් පියවරක් වන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම විශ්වාසනීයත්වය, අඩු පිරිවැය හා බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් සලකන කළ න්‍යෂ්ටික ශක්තිය ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීම (LTGEP) 2025–2044 යටතේද මූලික ක්‍රමවේදයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය ඇතුළත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින් තිබෙන බවය.

මාධ්_ය නිවේදනය - 2025.07.14 by poornima on Scribd