සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට
July 14, 2025 06:30 am
ලද තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 31 ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසු කොළඹ 13 නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන සැකකරුවෙකුගේ නිවසක් පරික්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 745ක්, විදේශ රටක නිෂ්පාදිත රිවොල්වර අවියක් හා එම පතරොම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සැකකාරිය සමග මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 39ක් වූ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදි සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.