වසර 148ක තරග ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනු පළමු විම්බල්ඩන් ශුරතාව

වසර 148ක තරග ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනු පළමු විම්බල්ඩන් ශුරතාව

July 14, 2025   06:26 am

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් පරාජය කර මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට ඉතාලියේ යානික් සිනර් සමත් විය.

මෙරට වේලාවෙන් ඊයේ (13) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී අල්කාරස් තරග වට 3-1 (4-6, 6-4, 6-4, 6-4)ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සිනර්ට හැකිවිය. 

මෙය 23 හැවිරිදි සිනර් දිනූ පළමු විම්බල්ඩන් කිරුළ මෙන්ම වසර 148ක තරග ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනූ පළමු කිරුළ ලෙසද වාර්තා අතරට ද එක්විය.

එමෙන්ම මෙය සිනර්ගේ  4වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ද වේ.

මේ අතර අල්කාරස් ලැබු පරාජයත් සමග ඔහුට විම්බල්ඩන් ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට තිබු අවස්ථාව අහිවි වී ගියේය.

ඔහු අවසන් වරට පැවති අදියර දෙකම ජයග්‍රහණය කර තිබුණි.