ස්මාර්ට් කාණු පද්ධතිය වෙනුවෙන් ආචාර්ය නදීශා චන්ද්‍රසේනට ජාත්‍යන්තර සම්මානයක්

ස්මාර්ට් කාණු පද්ධතිය වෙනුවෙන් ආචාර්ය නදීශා චන්ද්‍රසේනට ජාත්‍යන්තර සම්මානයක්

July 13, 2025   05:04 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO) විසින් පිරිනැමෙන 2025 "ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන"උළෙලේ  (WIPO Global Awards 2025)  “පාරිසරික අංශය” සඳහා වන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය සමත් වීය.

ඒ ඇය විසින් ලෝකයට හදුන්වාදෙනු ලැබූ ( SMART DRAIN BY URBAN INVENTOR ) ස්මාර්ට් කාණු පද්ධතිය වෙනුවෙනි.

මෙම සම්මාන උළෙල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පවත්වා ඇති අතර ඒ සඳහා රටවල් 95කින් ආයතන 780ක් ඉදිරිපත්ව තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයෙක් මේ සම්මානය දිනා ගත් පළමු අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයත්, ස්මාර්ට් ඩ්රේන්හි පර්යේෂණ පහසුකම් සපයන්නා වන ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික Access Engineering PLC සමාගමත් මේ නිර්මාණය සදහා සිය දායකත්වය ලබාදී ඇත.