ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට
July 13, 2025 11:17 am
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී 'ආමි උපුල්' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් අයෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 03 වැනිදා සිදුවූ අදාළ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙරොයින් ග්‍රෑම් 50ක් සහ මිලිග්‍රෑම් 600ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
30 හැවිරිදි සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්ය.
පසුගිය 03 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් 'ආමි උපුල්' නැමැත්තා වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණි.
මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 9ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක් මෙන්ම ගිනිඅවි දෙකක් හා උණ්ඩ සමග පසුගිය 08 වනදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.