ඇවිලුණු ඇල්ල - හෝටලයකටත් හානි

ඇවිලුණු ඇල්ල - හෝටලයකටත් හානි

July 12, 2025   07:38 pm

ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ.

ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං තත්ත්වය හමුවේ ඉතා සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනි ගෙන ඇතැයි මේ වන විට අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

පැවැති සුළං තත්ත්වය සමග කැළැව පුරා පැතිර යමින් තිබූ ගින්න ආපදා නිලධාරීන්, පොලීසිය, ගිනි නිවීමේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් දැඩි මැදිහත්වීමකින් පාලනය කර ඇති බවත් සඳහන් වේ.