අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවක කප්පාදුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවක කප්පාදුවක්

July 12, 2025   05:55 pm

‍අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසක පමණ සේවක කප්පාදුවක් සිදුකර තිබේ.

ශ්‍රම බළකාය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරණ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසකට අධික සේවකයින් පිරිසක් සේවයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව සිවිල් සේවයේ නිරතව සිටී සේවකයින් 1,107 දෙනෙකු සහ විදේශ සේවයට අනුයුක්තව සිටී සේවකයින් 246 දෙනෙකු මෙලෙස සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

ට්‍රම්ප් පරිපාලනයේ තීරණයත් සමඟ මේ වසර මුලදී ද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 1500 කට අධික සේවකයින් පිරිසක් ස්වේඡාවෙන් සේවයෙන් ඉවත්වී තිබුණි.