ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට චීන ජනපතිත් එක්වෙයි
July 12, 2025 04:22 pm
චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ.
දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් යූ ටියුබ් නාලිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමුළුවට සහභාගී වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2025 ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව ඔක්තෝබර් මස අග දකුණු කොරියාවේ ග්යොංජු හිදී පැවැත්වීමට නියමිතව තිබේ.