බ්‍රිතාන්‍ය රජය මෙරටට ලබාදුන් බදු සහනය ගැන ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය
July 12, 2025 03:43 pm
බ්‍රිතාන්‍ය රජය විසින් මෙරටට ලබා දී ඇති බදු සහනය ඵලදායී ලෙස යොදා ගැනීමට නම් දත්ත මත පදනම් වූ සැළැස්මකින් රජය කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම බදු සහනය තුළින් මෙරට අපනයනයන් ප්‍රවර්ධනය කළ යුතු අංශයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකළ යුතු බවය.
මීට පෙර බ්‍රිතාන්‍යට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 7ක බදු ප්‍රතිශතයක් අයකළ අතර නව ප්‍රතිසංස්කරණ තුළින් එය සම්පූර්ණයෙන්ම කපා හැරීමට ඔවුන් කටයුතු කර තිබේ.
බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ බදු සහන ලබාදුන් රටවල ඇඟලුම්, ආහාර සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු ආනයනික භාණ්ඩ ආවරණය වන පරිදි මෙම නව ක්‍රියාමාර්ගය හඳුන්වා දී ඇති බවය.
මෙමගින් මෙරට ඇඟලුම් ඇතුළු නිෂ්පාදන වැඩි වශයෙන් තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙත යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන් වේ.
අමෙරිකා එක්සත් ජනපදය තීරු බදු පනවමින් තුන්වන ලෝකයට යම් ආර්ථික අපහසුතාවයන් ඇති කරවන අවස්ථාවේදී එංගලන්තය තීරු බදු රහිත ඇඟලුම් සහ කෘෂිකාර්මික අපනයනයන් සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම අති විශේෂ සහනයකි.
"විශේෂයෙන්ම 7%ක අපේ මුළු අපනයනවලින් එක්සත් රාජධානියට අපි අපනයනය කරනවා. මෙම ප්‍රමාණය තව ටිකක් වැඩිකරගන්නේ කොහොමද මොනවගේ අංශ සඳහා අපේ අපනයනයන් ප්‍රවර්ධනය කළ හැකිද යන්නේ අපි අධ්‍යනය කරලා දත්ත මත පදනම් වුණු හොඳ සැලැස්මක් යටතේ මෙකෙන් ලබාගන්න පුළුවන් උපරිම ශක්තිය ලබාගැනීම කළ යුතුයි. ඉදිරියේදී අමෙරිකානු එක්සත් ජනපදය ඇඟලුම් කර්මාන්තය තුළ ඇතිකරන තීරු බදු ප්‍රමාණයෙන් වන හානිය අපට එක්සත් රාජධානිය තුළින් අඩුකරගැනීම පමණක් නොව වඩා ප්‍රවර්ධනාත්මක තත්ත්වයක් ඇති කර ගැනීමට අවස්ථාව තියෙනවා. මේ අවස්ථාවේදී රජය උත්සහා ගන්නවානම් කොහොමද අපි එක්සත් රාජධානියට ඇඟලුම් සහ අපනයන වැඩිකරන්න ක්‍රියා මාර්ග ගන්නේ කියලා."