වියළි කාලගුණික තත්ත්වය හමුවේ උස්බිම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර
July 12, 2025 03:39 pm
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උස්බිම් ප්‍රදේශවලට පානීය ජලය බෙදාහැරීමේ ගැටලු ඇති වූවහොත් බව්සර් යොදා ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම මහත්මිය පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවය.
ඒ අනුව වාහන සේදීම්, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට පානීය ජලය භාවිතා කිරිම අවම කර, අත්‍යවශය දෛනික කටයුතු වලට පමණක් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වජිරා තිරාණගම මහත්මිය ජනතාවට දැනුම් දෙයි.
"වැසි තත්ත්වය අඩු වීමත් සමගම අධික උෂ්ණත්වයක් ඇතිවීම නිසා ජනතාවගේ ජල පරිභෝජනය සීඝ ලෙස ඉහළ යමින් පවතිනවා. නමුත් ජල සම්පාදන මණ්ඩලයේ නිෂ්පාදන කටයුතු කළින් පැවතියාටත් වඩා වැඩි මට්ටමකින් කරගෙන යනවා. අපේ අනෙකුත් ආයතන සමග එකතු වෙලා හොඳ ජල කළමනාකරණයක් කිරීමට කටයුතු සලස්වලා තියෙනවා ඒ සමගම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොම අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන්න කියලා. ඉදිරියට ඇතිවිය හැකි අවදානම් තත්ත්වයෙන් එතකොට මිදෙන්න පුළුවන්. සමහරවිට උස් බිම් ප්‍රදේශවලට වතුර නොයන්න පුළුවන්. අපේ ජල කුලුනුවල ජල මට්ටම පහළ ගියාම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් උස් බිම් ප්‍රදේශවලට ජලය ලබා දෙන්න අපි මේ වෙද්දි පියවර අරගෙන තියෙනවා. බවුසර් යොදා ගනිමින් ඒ වැඩකටයුතු අපි කරනවා."