ජෝ රූට් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 3000යි
July 11, 2025 02:09 pm
ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 3000ක් රැස්කළ පළමු පිතිකරුවා බවට පත්වෙමින් සුවිශේෂී කඩඉමක් පසුකිරීමට එංගලන්තයේ ජෝ රූට් සමත් විය.
ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේය.
පළමු දිනට තරගය නතර කරන විට රූට් නොදැවී ලකුණු 99ක් රැස්කරගෙන සිටි අතර, එම ඉනිමත් සමග ඔහු ඉන්දියාවට එරෙහිව ටෙස්ට් පිටියේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 3054ක් විය.
2012 වසරේ සිට ඉන්දියාව සමගින් ක්‍රීඩාකරන රූට්, මේ වනවිට තරග 33කදී ඉනිම් 60ක් ක්‍රීඩාකර ඇත.
එහිදී 58.73ක පිතිකරණ සාමාන්‍යක් පවත්වාගෙන සිටින ඔහු ශතක 10ක් හා අර්ධ ශතක 13ක් ලබාගෙන තිබේ.
රූට්ගෙන් පසු ඉන්දියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් (2555) හා ඇලෙස්ටියාර් කුක් (2431)ය.
මේ අතර ආකෘති ත්‍රිත්වය යටතේම ඉන්දියාවට එරෙහිව ලකුණු 4000 සීමාව පසුකළ 4වන පිතිකරුවා බවටද ඔහු පත්විය.
ඔහුට පෙර රිකී පොන්ටින්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එම දක්ෂතාව දක්වා තිබුණි.