ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
July 10, 2025 08:39 pm
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හිමිවිය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පර්වීස් හොසෙන් ලකුණු 38ක් හා මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ පන්දුවාර 4 තුළදී ලකුණු 37කට කඩුලු 2ක් දවාගත්තේය.
ඊට අමතරව නුවන් තුෂාර (1/32), දසුන් ශානක (1/22) හා ජෙෆ්රි වැන්ඩර්සේ (1/25) එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.