ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු T20 තරගයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු T20 තරගයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්

July 10, 2025   12:20 pm

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) දිනයේ පැවැත්වීමට නියමිත පළමු තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

මේ හේතුවෙන් තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවට දැනුම් දී තිබේ.

ප්‍රවේශපත්‍ර හිමි පිරිසට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා පස්වරු 5 සිට ගේට්ටු විවෘත කරන බව සඳහන් වේ.

තරගය අද සවස 7 ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  ආරම්භ වීමට නියමිතය.