දිවයින පුරා දන්සල් 8355ක්
July 10, 2025 07:40 am
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.
එමෙන්ම දන්සල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදුකෙරේ.
මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් සේවයේ යෙදී සිටි.