වනිඳුට බංග්ලාදේශ T20 තරගාවලියම අහිමිවෙයි

වනිඳුට බංග්ලාදේශ T20 තරගාවලියම අහිමිවෙයි

July 9, 2025   11:52 am

UPDATE :- 13:31PM

බංග්ලාදේශයට එරෙහිව හෙට (10) සිට ආරම්භ වන 20යි 20 තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

වනිඳු හසරංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු නම් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

=======================

දඟපන්දු බළඇණියේ ප්‍රබලයාට පළමු තරගය අහිමියි?

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍