බොරැල්ලේ වෙඩික්කරුවන් ආ හැටි
July 9, 2025 11:15 am
බොරැල්ල, සර්පන්ටයින් පාර ප්රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණි.
අදාළ වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති අතර, රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර තිබුණි.
සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය මඟින් සිදුකරනු ලබයි.