ටෙක්සාස් මරණ 100 ඉක්මවයි
සයුරෙන් එතෙර

ටෙක්සාස් මරණ 100 ඉක්මවයි

July 8, 2025   11:50 am

අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් කලාපයට බලපෑ හදිසි ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ.

ග්වාඩලූපේ ගංගා ඉවුරේ කඳවුරු ලා සිට ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 27 දෙනාම මියගොස් ඇතැයි බලධාරීන් මේ අතරතුර තහවුරු කර තිබුණි.

ඉන් ඇතැමුන්ගේ සිරුරු සොයාගෙන ඇති අතර, ගැහැණු ළමයින් සහ කඳවුරු බලධාරීන් දස දෙනෙකුගේ සිරුරු මෙතෙක් සොයාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.