පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්
July 7, 2025 10:38 pm
පොලිස් ශරීර සුවතා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ඇඳුම්වලින් ව්‍යාජ ලෙස සැරසී නිවසක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් තිදෙනා නිවසක් ඇතුළුවී පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඊට ඇතුළුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
සිද්ධිය පිළිබඳ සැකසිතූ ප්‍රදේශවාසීන් අදාළ තිදෙනා පැමිණි වෑන් රථය වටකර ඇති අතර එම අවස්ථාවේ ඔවුන් CCTV පටිගත යන්ත්‍රය යැයි සිතූ වෙනත් උපකරණයක් ද රැගෙන පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය සිදුකළ විමර්ශනවලදි සැකකරුවන් පැමිණි වෑන් රථයද සමඟ කාන්තාවක් ඇතූළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.