සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් - 120ක් අත්අඩංගුවට

සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් - 120ක් අත්අඩංගුවට

July 7, 2025   12:24 pm

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරින් 900 කට අධික ප්‍රමාණයක් සහභාහී වී ඇත.