කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්
July 6, 2025 06:39 pm
කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
එහි ප්‍රකාශයෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය.
මාසයක කාලයක් ඇතුලත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය මස 30 වන දින නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදුකර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියේය.
තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කෙරිණි.
මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියට ද චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිසම පැවසීය.