සයුරෙන් එතෙර
ටෙක්සාස් ගංවතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට
July 6, 2025 02:18 pm
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් සහ මිය ගිය පිරිස තවත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව මේ වන විට එම හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
මෙම ගංවතුරෙන් වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශය වී ඇත්තේ කර් ප්‍රාන්තය වන අතර එහි පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර ග්වාඩලූප් නම් ගඟ අසබඩ පිහිටි ක්‍රිස්තියානි තරුණ කඳවුරක ළමුන් 27 දෙනෙකු අතුරුදන් වී තිබේ.
මෙම ළමුන් 27 දෙනාගෙන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 12ට අඩු බවත් වාර්තා වී තිබේ.
එමෙන්ම මේ වන විට ගංවතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 850ක් පමණ බේරාගැනීමටද සමත්ව තිබේ.
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රේග් ඇබට් සඳහන් කර ඇත්තේ ගංවතුර හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වේගවත් කිරීම සඳහා සෙවීම් කටයුතු පුළුල් කර ඇති බවය.
මේ අතර මෙම සති අන්තයේ මධ්‍යම ටෙක්සාස් හී ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවට කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවා ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය පළාත් පාලන ආයතන සමග සමීපව කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.