අද දෙරණට ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්
July 3, 2025 09:30 pm
සිංගප්පූරුවේ පැවති ආසියා පැසිෆික් බ්‍රෝඩ්කාස්ටින් සම්මාන උලෙළේදී 'අද දෙරණ' සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.
ඒ, 2024 ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ 'Sri Lanka Decides' ප්‍රතිඵල විකාශය වෙනුවෙන් හොඳම ග්‍රාෆික සජීවීකරණය සහ හොඳම අන්තර්ජාල සංගීත නිරීක්ෂණ පද්ධතිය වෙනුවෙන්.
2024 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී 'TV Derana' ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් ප්‍රතිඵල විකාශය ගෙන ආවේ නවීන තාක්ෂණය මුසු නවමු අත්දැකීමක් මෙරට ජනතාව වෙත තිළිණ කරමින්ය.
ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණ විකාශයේ ආසියාවේ හොඳම මැතිවරණ ග්‍රාෆික සජීවීකරණයට හිමි Technology animation සම්මානය අද දෙරණ 24 නාලිකාවට හිමිවිය.
අනෙක් සම්මානය වූයේ හොඳම අන්තර්ජාල සංගීත නිරීක්ෂණ පද්ධතිය වෙනුවෙන් දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්ටමන්ට් හි e tunes, Audio streaming & monitoring system සම්මානය දිනාගැනීමය.
මෙය සම්මාන උලෙළේදී මෙරට නාලිකාවක් මෙලෙස සම්මානයෙන් පිදූම් ලැබූ එකම අවස්ථාවයි.