තවත් විදේශ රැකියා ජාවාරමක්
June 30, 2025 10:20 pm
සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
ඩුබායි රජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා එරට සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී තිබේ.
ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගනිමින් තමන් රැකියා සඳහා පැමිණියේ අදාළ පුද්ගලයන්ගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබාගනිමින් එම වීඩියේ ප්‍රකාශන වංචනිකව සකසා ඒවා Youtube හා Facebook හරහා ප්‍රසිද්ධ කරමින් ඔහු මෙම වංචාව සිදුකර ඇත.
අදාළ සමාජ මාධ්‍ය වල මෙලෙස තොරතුරු පළකිරීමේන් අනතුරුව ඊට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් වංචාකරමින් සිදුකරන මෙම ජාවාරම සම්බන්ධව, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය මගින් ඉදිරි විමර්ෂන කටයුතු කරගෙන යන අතර මෙම ජාවාරමට හසුවූවන් විසින් කාර්යංශයට පැමිණිලි ද ඉදිරිපත් කර තිබේ.
මෙලෙස ඉදිරිපත්කළ පැමිනිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුනු වාර්තාකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ෂන කටයුතු සිදුකරමින් සිටී.
විදේශ රුකියා සදහා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට අවසරය ලබාදී ඇත්තේ බලපත්‍රලාභී විදේශරැකියා නියෝජිතයන්ට පමණක් වන අතර, ඊට අදාළ ප්‍රචාරක කටයුතු සදහා ද කාර්යංශයෙන් වෙනම අනුමැතිය ලබාගත යුතුවේ.
විගමණික ප්‍රජාව මුළාකරමින් සමාජ මාධය හරහා සිදුකරන මෙවන් ප්‍රචාරණවලට හසුනොවන ලෙස කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවන් ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු කාර්යංශයට දන්වන ලෙස ඉල්ලා සිටී.
දුරකථන අංක 1989 හෝ විශේෂ විමර්ෂණ අංශයේ 0112864123 අංකයට මෙම තොරතුරු ලබාදිය හැක.