මේ දක්වා පළාත් පාලන ආයතනවල බලය බෙදී ගිය හැටි
June 30, 2025 09:23 pm
මේ වනවිට පළාත් පාලන ආයතන 222ක බලය ජාතික ජන බලවේගය සතුය.
සමගි ජන බලවේගය ආයතන 30කත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 06කත්, ඉලංකෙයි තමිල් අරසු කච්චි ආයතන 21කත් බලය මේ වනවිට හිමිකරගෙන තිබේ.
ආයතන 06ක බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, ආයතන 03ක බලය ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයත් , ආයතන 02 බැගින් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයත් හිමිකර ගෙන ඇත.
වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට හිමිව ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 18ක් වන අතර, ඇතිවූ මත ගැටුම් සහ අධිකරණ නියෝග හේතුවෙන් සභා පිහිටුවීම කල් ගිය ආයතන සංඛ්‍යාව 10කි.