AI ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට වැඩමුළුවක් 

AI ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට වැඩමුළුවක් 

June 28, 2025   05:14 pm

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෘත්‍රීම බුද්ධිය භාවිතය මගින් කාලීන වටිනාකමක් සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බව මෙම අවස්ථාවට එක් වෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා සඳහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගත හැකි ආකාරය සහ ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳ මෙහිදී දේශනයක් සිදු කරමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.