වෙලේ සුදාගේ නඩුව කල් යයි
June 26, 2025 02:11 pm
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය, මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 10 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කළාය.
වෙලේ සුදා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර, ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.