බූස්සේ ගෙල වැලලාගත් රැඳවියා මරුට

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියා මරුට

June 26, 2025   01:58 pm

Update

June 26, 2025   03:17 pm

බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැලලාගත් රැඳවියා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

එම රැඳවියා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වෙයි.
 

---------------------------------

බූස්සේ රැඳවියෙක් ගෙල වැලලාගෙන සිටියදී රෝහල්ගත කරයි

June 26, 2025   01:58 pm

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර තිබේ.

එම රැඳවියා බිම්සර අමල් නමැත්තෙකු වන අතර ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.