මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඉන්න පිරිස ගැන නියෝජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
June 26, 2025 11:56 am
ස්ථීරසාර ලෙසම මත් උවදුර තුරන් කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව සද්භාවයෙන් කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අධිකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් පවතින කමිටුව ගන්නා තීන්දු හේතුවෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් කලබලයට පත්ව ඇතැයි ද පැවසීය.
ආණ්ඩුවේ අවංක අරමුණ මත්ද්‍රව්‍ය සමාජයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මේ අතර ආණ්ඩුවට දැක්මක් සහ පැහැදිලි අවබෝධයක් පවතින බවත් එනිසා කෙටි කාලයක් තුළ මත්උවදුර නැති කිරීම සඳහා අනිවාර්යයෙන්ම මර්දනයක් ගෙන එන බව ද පැවසීය.
"මේක ආණ්ඩුවට යටින් යන බිස්නස් එකක්. කළු ව්‍යාපාරයක්. ඒ කළු ව්‍යාපාරය ගැන මුලික පුරෝකථනයක් තිබුණා. ඊට පස්සේ අපේ ආණ්ඩුව යටතේ මේ තත්ත්වයන් පාලනයට ආවේ...වෙනත් ආණ්ඩු ගත්තට පස්සේ මේ සප්ලයි චේන් එකෙන් යැපුණා. මේක කඩන එකට අපි අත ගහලා තියෙනවා. ඒකෙන් පළමු එක මේකේ හිටියේ දියවන්නාව. යම් පිරිසක් යැපුණෙම ඒකෙන්. අපි පියවරක් ගත්තා. ඒක තමයි බුද්ධි අංශ වාර්තා කියවනකොට, ඇතැම් පුද්ගලයින්ගේ වත්කම් වැඩිවෙලා තියෙනවා. ඇහැට පේන ව්‍යාපාරය ඇතුළේ නෙමෙයි විශාල ඉන්කම් එකක් එනවා. සමහර ව්‍යාපාර කටයුතුවල කස්ටම්බේස් නෑ. නමුත් පවත්වාගෙන යනවා. අපි අතගැහුවා අලුත් දේකට මේ නීතිවිරෝධී වත්කම් පිටුපස සප්ලයි චේන් එකේ කොටසක් තියෙනවා ද කියලා. දැන් ඒ වැඩේ කරනවා. ඒ ආයතන ස්වාධීන කරලා තියෙන්නේ. අපි මෙතැනින් එක ටර්න් එකක් ගන්න බැලුවේ. මේක පිටුපස ඉන්න පිරිස හඳුනා ගනිමින් ඉන්නවා. ඒ නිසා වත්කම්වලට අතගහන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක් කරගෙන යනවා."
ප්‍රශ්නය - සිංගප්පුරුවේ නීති පනවලා වැඩේ කරනවා ? අපේ කලාපය ඕනෑම මත්ද්‍රව්‍යයකට ලේසියෙන්ම එන්න තියෙන රටක් ලෙස අපි ගැන කතා කරනවා. ආණ්ඩුවේ දැක්ම මොකක් ද?
"ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමා, එක එක්කෙනා කියනවාට නෙමෙයි අපි වැඩක් හදාගෙන තියෙනවා ඒ නීතියානුකූල රාමුව ඇතුළේ. ඒ රාමුව ඇතුළේ කරන වැඩපිළිවෙල තමා අපි මේ ප්‍රොමෝට් කරගෙන යන්නේ. හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ. අපිට පොඩි අවස්ථාවක් තව ඉස්සරහට යන්න දෙන්න. මේ මාස 6 ඇතුළේ ඡන්ද 3ක් කරලා හැමදෙයක්ම කරන්න සිදුවුණා. නමුත් දැන් තමා ආණ්ඩුව විදියට වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා අපිට යෝජනා කරන්න නීතිවිරෝධී ක්‍රමවලින් මේක මර්දනය කරන්න කියලා. අපි ආණ්ඩුව විදියට ඒක ගන්නේ නෑ. නමුත් ආණ්ඩුවට දැක්මක් සහ විෂන් එකක් තියෙනවා මේ කාරණයට අදාළව. දැඩි ලෙස ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි දෙවැනි තැනට මත්ද්‍රව්‍ය ඇවිත් තියෙනවා. පුරවැසියාට කියන්නේ පොඩ්ඩක් ඉවසන්න අපි මේ වැඩේ ආණ්ඩුව විදියට අත ගහලා කරගෙන යනවා."
මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (26) යෙදී ඇති අතර, ඒ සඳහා විශේෂ වැඩසටහන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පාගමනක්ද පැවැත්වුණි.