බංග්ලාදේශය ලකුණු 247කට දැවී යයි

බංග්ලාදේශය ලකුණු 247කට දැවී යයි

June 26, 2025   10:48 am

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.

ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු 8ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර අද උදෑසන බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කරමින් සෙසු කඩුළු දෙකද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

බංග්ලාදේශ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුස්ෆිකර් රහීම් (35), ලිටන් දාස් (34). ටයිජුල් ඉස්ලාම් (33) සහ මෙහෙදි හසන් මිරාස් (31) ඉනිමේ සෙසු වැඩිම ලකුණු ලාභීන් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු හා නවක ක්‍රීඩක සොනාල් දිනූෂ කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත්විය. විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් සහ තරිඳු රත්නායක හා ධනංජයද සිල්වා කඩුළු 1 බැගින් දවාගත්තෝය.

තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.