වැස්සෙන් පසු බංග්ලාදේශය අසරණ වෙයි
June 18, 2025 06:29 pm
ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (18) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කරගෙන සිටියේය.
තරගයේ දෙවන දිනට අද (18) තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියත්, මුලු ලකුණු 309ක් වනවිට ලකුණු 148ක් රැස්කරගෙන සිටි ශාන්ටෝ දැවී ගියයේය.
කෙසේ වෙතත් එම දවාගැනීමේ වාසි අත්කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.
4වන කඩුල්ලට පිටියේ එක් වූ ලිටන් දාස්, ඒ වනවිට ලකුණු 110ක් රැස්කරගෙන සිට මුෂ්ෆිකර් රහීම් සමගින් එකව අගාන ලකුණු සබඳතාවක් ගොඩනැගූහ.
ඔවුන් දෙදෙනාට බංග්ලාදේශ ඉනිම මුලු ලකුණු 423ක් දක්වා ඉදිරියට රැගෙන යාමට හැකිවූහ.
කෙසේ වෙතත් රහීම් - දාස් 5වන කඩුල්ලට ලකුණු ලකුණු 114ක් සබඳතාවක් පවත්වාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඒ හේතුවෙන් තරගය බොහෝ වේලාවක් ප්‍රමාද වූ අතර, නැවත තරගය ආරම්භවීමේදී පෙර රිද්මයෙන් ඉනිම ගොඩනැගීමට රහීම් - දාස්ට නොහැකි විය.
වැස්සෙන් පසු බංග්ලාදේශ ඉනිමට ලකුණු 35ක් එක් වද්දී ලකුණු 163ක් රහීම් දාවී ගිය අතර, ඉන් ලකුණු 26ක් එකතුවද්දී තවත් කඩුලු 4ක් දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙහිදී ලිටන් දාස්ගේ ඉනිම ලකුණු 90කට සීමා විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (3/80), මිලාන් රත්නායක (3/38) හා තරිඳු රත්නායක (3/196) කඩුලු 3 බැගින් දවාගත්තේය.