ඉරාන උත්තරීතර නායක කමෙනිගෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
June 18, 2025 05:31 pm
ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටකත් යටත් නොවන බව' පවසා තිබේ.
එරට රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි කියලා අමෙරිකානුවන් දැනගත යුතු බවයි.
"ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසිවිටකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළඹෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ.
ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි" අලි කමේනි අනතුරු අඟවා තිබේ.
ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳව අමෙරිකානු ජනධිපති පවසා සිටියේ, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට මේ වනවිට කටයුතු නොකරන බවයි.
එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත්විය යුතු බවත් එහිදී ඔහු පවසා තිබේ.