පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ
June 18, 2025 03:59 pm
ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වනවිට හටගෙන ඇති යුදමය තත්ත්වය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (18) පස්වරුවේ සභා ගර්භයේ නොසිටීම නිසා පාර්ලිමේන්තුව හෙට (19) පෙ.ව. 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා කටයුතු කළේය.