සයුරෙන් එතෙර

ඉන්දියාවේ අපනයන ආදායම ඉහළට

June 18, 2025   03:13 pm

ඉන්දියාවේ වාණිජ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙක ඔස්සේ ඉන්දියාවේ සමස්ත අපනයන 2025 මැයි මාසයේදී වාර්ෂිකව සියයට 2.77 කින් ඩොලර් බිලියන 71.12 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ එම මාසයේදී අපනයන අගය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 69.20 ක් ලෙසය.

ආනයන අංශය පිළිබඳ සලකා බැලීමේදී ඉන්දියාවේ සමස්ත භාණ්ඩ හා සේවා ආනයනය ඉකුත් මැයි මාසයේදී ඩොලර් බිලියන 77.75 ක් ලෙස වාර්තාවී තිබේ.

එය 2024 වසරේ මැයි මාසයේදී වාර්තා වූයේ ඩොලර් බිලියන 78.55ක් ලෙසය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2025 මැයි මාසයේදී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6.62ක් දක්වා අඩුවී ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.