ගාල්ලේ පළමු දිනයේ වැඩි වාසිය බංග්ලාදේශයට

ගාල්ලේ පළමු දිනයේ වැඩි වාසිය බංග්ලාදේශයට

June 17, 2025   05:43 pm

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුළු 3කට ලකුණු 292 ක් ලබා ගනිමින් පළමු දිනයේ වැඩි ගෞරව අත්පත් කරගන්නට බංග්ලාදේශ පිලට හැකිවී තිබේ.

එහිදී බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුස්ෆිකර් රහිම් ශතක වාර්තා කිරීමට සමත්වීම විශේෂ සිදුවීමකි.

අද පෙරවරුවේ මුල් පන්දුවාර 17 තුළ දී ලකුණු 45ක් තුළ සිය මුල් කඩුළු 3 බිඳ වැටී තරමක් අසීරු තත්ත්වයක බංග්ලාදේශ පිල පසු වුවද, ඉන්පසු පිටියට පිවිසි නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහිම් දිනය නිමා වන විට නොබිඳුණු ලකුණු 247 ක සබඳතාවක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත්වූයේය. එහිදී නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 136ක් සහ මුෂ්ෆිකර් රහිම් ලකුණු 105 ක් ලෙසින් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

පන්දු යැවීමේ දී අද දින සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ තරිඳු රත්නායක කඩුළු දෙකක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බැගින් දවාගන්නා ලදී.