මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
June 16, 2025 01:49 pm
වෙන්නප්පුව පැබ්රෝනියා මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසේ මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාව වෙන්නප්පුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සීදුව ප්‍රදේශයේදීය.
එකකුස උපන් සහෝදරයන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන බව පොලීසිය පැවසුවේය.
සැකකරුවන් දෙදෙනාව සූක්ෂ්ම ලෙස සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා අදාළ පොල්වත්තේ හිමිකරුගේ දුරින් ඥාතීන් දෙදෙනෙකු බව ද පොලීසිය පැවසුවේය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, තමන් මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් අදාළ වෑන් රථය රැගෙන ගොස් විකුණා මුදල් සොයාගැනීමට උත්සහ කළ බවය.
කෙසේවෙතත් මුරකරු වෑන් රථයේ යතුර ඉල්ලූ විට ලබා නොදුන් නිසා ඝාතනය කළ බව ද ඔවුන් පවසා තිබේ.
පසුව මහනුවරදී වෑන් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය පැමිණීම හේතුවෙන් එම ස්ථානයෙන් පලා ආ බවද සැකකරුවන් පවසා තිබේ.
සැකකරුවන් දෙදෙනා මීට පෙරද අදාළ පොල්වත්තෙන් බලහත්කාරයෙන් පොල් කඩාගෙන යන බව පොලීසිය පැවසීය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී අසේල උපුලවංශ මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය මඟින් සිදුකරයි.