විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

June 11, 2025   09:05 am

‍2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මහජන උපදේශන ක්‍රියාවලියෙන් පසුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ සමාලෝචන ක්‍රියාවලිය අවසන් කර ඇති බව එම කොමිසම සඳහන් කළේය.

වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.

ඒ අනුව ‍ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද පස්වරු 01ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.