සයුරෙන් එතෙර
චීන - අමෙරිකා තීරුබදු සාකච්ඡා ලන්ඩන් නුවරදී
June 10, 2025 11:39 am
චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළෙඳ අර්බුදය විසඳාගැනීම සඳහා වන සාකච්ඡා මේ වනවිට ලන්ඩන් නුවරදී ආරම්භ වී තිබේ.
ඒ දෙරටේ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙනි.
වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමෙන් අනතුරුව අමෙරිකාව සහ චීනය අතර, පැවති වෙළෙඳ අර්බුදය දැඩි සේ තීව්‍ර වුණි.
ඒ ඔහු බලයට පැමිණි පසු හඳුන්වාදුන් දැවැන්ත තීරුබදු හේතුවෙන්ය.
ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය යටතේ චීනයට සියයට 145ක තීරු බදු ප්‍රතිශතයක් පැනවූ අතර, පසුව එය සියයට 30 දක්වා පහත දැමීමට පියවර ගැණුනි.
දෙරට අතර වෙළෙඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වන තවත් සාකච්ඡා වටයක් ඊයේ ඇරඹුණේ බ්‍රිතාන්‍ය යේ ලන්ඩන් නුවරදීය.
සාකච්ඡාවලට එක්ව සිටින අමෙරිකානු ධූත මඩුල්ලේ නායකත්වය එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්.
චීන උප අගමැති හී ලයිෆන්ග් චීන ධූත කණ්ඩායම මෙහෙයවනු ලබයි.
ලන්ඩන් හි ඕනේට් ලැන්කැස්ටර් මන්දිරයේ පැවැත්වෙන මේ සාකච්ඡා යම් ප්‍රගතිදායක මට්ටමකට එලඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
දෙරට අතර සාකච්ඡා ආරම්භ වී ඇත්තේ ගෝලීය වෙළෙඳ යුද්ධයක් සම්බන්ධව දැඩි බියක් උද්ගතව තිබූ පසුබිමකය.
මෙම තත්ත්වය තවත් තීව්‍ර වීම වැලැක්වීමට දෙරට අතර තීරුබදු පහත අගයක පවත්වාගැනීමට පසුගිය මාසයේදී දෙරට එකඟ වුවත්, එම එකඟතාව කවර මොහොතක බිඳවැටේ දැයි සැකයක් පවතී.
ඒ දෙරටම තීරුබදු සීමා උල්ලංඝනය කරන බවට එකිනෙකා වෙත චෝදනා කරගන්නා පසුබිමකයි.