රට පුරා විදුලි බිඳ වැටීම් 70000 ඉක්මවයි
June 1, 2025 06:29 pm
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ අද (1) ප.ව. 5 වනවිට රටපුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012ක් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ, ඉන් 41,684ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
එමෙන්ම ඉතිරි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් යොදවා ඇති බවද ඒ මහතා පැවසීය.