පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

May 27, 2025   10:16 pm

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පවසයි.

ඔහු පැවසුවේ අද (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවය.