චීන රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක්

චීන රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක්

May 27, 2025   09:55 pm

චීනයේ නැගෙනහිර ෂැන්ඩොං පළාතේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වන බව සඳහන් වේ.

අන්තර්ජාලය හරහා සංසරණය වන දර්ශනවලින් එම ස්ථානයෙන් ඝන කළු දුමාරයක් නැඟී එන බව දැකගත හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ගලවා ගැනීමේ සේවකයින් 200 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති බව වාර්තා වේ.

මෙම රසායනික කම්හලේ වෙබ් අඩවියට අනුව එහි පළිබෝධනාශක, ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.