ලොවම කතා වූ රොබෝ  බොක්සිං තරගය

ලොවම කතා වූ රොබෝ  බොක්සිං තරගය

May 27, 2025   02:56 pm

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද "CMG ජාත්‍යන්තර රොබෝ  බොක්සිං තරඟ මාලාවේ " විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් විය.

මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වන ලොව ප්‍රථම සටන් තරඟය වන අතර, එය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් ද විය. 

මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා ද සජීවීව විකාශනය කෙරුණි.  

වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේදී පහරදීම්වලට අනුව ලකුණු ලබා දෙනු ලැබූ අතර අවසන් වටයේදී තීරණාත්මක දණහිස් පහරක් එල්ල කර ප්‍රතිවාදියා බිම හෙළමින් "AI Strategist" රොබෝ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත් බවත් චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.